කොළඹ, ගම්පහ, කළුතර ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමුවීම මත තව දුරටත් පැතිරී යාම පාලනය සදහා මෙම පියවර ගත් බවයි.

එසේ හුදකලා කරන ලද ග‍්‍රාම නිලධාරි වසම් මෙසේය.

රටවල් 57කින් යුත් ඉස්ලාමීය සහයෝගිතා කවුන්සිලය බුර්කා තහනම වහාම අහෝසි කරන ලෙස ශී‍්‍ර ලංකා රජයට දැඩි බලපෑම් කරමින් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්ෂේපකර ඇත.
 
 ජාතික ආරක්ෂාව උදෙසා ගත් එම තීරණය කිසිසේත් වෙනස් කළ නොහැකි බව රජය එම රටවලට ප‍්‍රකාශකර තිබේ. ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 15ක් බුර්කා තහනම කි‍්‍රයාත්මක කරන බව රජය එකී කවුන්සිලය වෙත පෙන්නුම්කර ඇත.

එන්නත් ලබාගැනීමට ලියාපදිංචි වී නොසිටි ප‍්‍රභූ පැලැන්තියේ සිය දෙනකුට අධික පිරිසකට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළදී පෙරේදා (05දා) සහ ඊයේ (06දා) හොර රහසේ කොවිඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

රට පුරා එන්නත් ලබාදීමේ උග‍්‍ර අර්බුදයක් මතුව ඇති මොහොතක බන්ධනාගාර රෝහලක් තුළදී මෙලෙස පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම පිළිබඳව රජය වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කළේය. අල්ලස් හෝ දූෂණ කොමිසමේ ඉහළ නිලධාරනියකටත්, එන්නත් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ දියණියකටත් කොවිඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එය ලබා නොදුන් සෞඛ්‍ය අංශ බන්ධනාගාරයක් තුළදී තෝරාගත් පිටස්තර ප‍්‍රභූ පැලැන්තියකට මෙලෙස එන්නත ලබාදෙන්නේ කුමන පදනමකින් දැයි තමා ප‍්‍රශ්න කරන බව වෛද්‍ය බෙල්ලන මහතා කීවේය.

Hilton Residencies සේවකයන් කොරෝනා ආසාදිතයි.. දිගටම විවෘතයි.. කොළඹ පිහිටි Hilton Residencies සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි තහවුරු වී ඇත. ආසාදිත සේවකයන් නිරෝධායනයට ලක්කර ඇති අතර ඇති අතර සෙසු සේවකයන් සඳහා මේ වන තෙක් කොරෝනා පරීක්ෂණ කිසිවක් සිදු කර නැති බවද වාර්තා වෙයි. මෙම තත්ත්වය යටතේදීද එම හෝටලයේ පිහිනුම් තටාක, අවන්හල්, මත්පැන් අලෙවි සැල් විවෘත කර ව්‍යාපාර කරමින් ඇති සදහන්ය

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිතයන් 1305 දෙනෙකු හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට හදුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 118,834ක් දක්වා ඉහළ යයි.

අපේ ජන බල පක්ෂයට ලැබුන මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට ලබා දීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබා ගත් බවට එම පක්ෂයේ හිටපු ලේකම් වන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ප්‍රකාශයක් සිදුකරන හඬ පටයක් පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ත්‍රයිනිකායික භික්ෂූ එකමුතුව වෙනුවෙන් පුජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.

මන්ත්‍රීධූරයක් යනු මුදලට ලබා දිය නොහැකි ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන තනතුරක් බවත් මෙවැනි ප්‍රකාශ තුලින් එම බලය හෑල්ලුවට ලක්වනවා මෙන්ම එය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පෞද්ගලිකව සිදුකර ඇති අගතිදායක ක්‍රියාවක් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මේ සමග මෙරට වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍රමාණය 734 දක්වා ඉහළ යයි.

මේ අතර worldometers වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 25ක් සිදුව ඇති බවය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

දැනට නීතිපති ධූරය දරන දප්පුල ද ලිවේරා මහතා තවත් ටික දිනකින් එම ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

නමුත් එම ධුරය බාර ගැනීම ලිවේරා මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුවාය.

රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.05.07 වන දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට දින ආරම්භ වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහාමාර්ග පිළිබඳ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 අභියෝගය හමුවේ විපක්ෂය උත්සහ දරන්නේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම මිස ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටින්නේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙන්ම අදාළ විශේෂඥයින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කර ගැනීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී සිටිනවා. දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම අනෙකුත් පහසුකම් ලබා දීමේ කටයුතු සුදානම් කරමින් තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දෙන සහායෝගය හා කැපවීමට අපගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිනවා.

සිරගත කර සිටි සෞදි කුමරිය නිදහස් කරයි !
106 Views
මෝදි පාලමක හිරවෙයි !
100 Views
ඉන්දියානු ජාතික ගුවන් සේවය විකුණා දමයි....
269 Views
ලංකාවේ මිනිස්සු රජකාලේ ගෙවන ලද බදු සහ දඩ
213 Views
සැබවින්ම එල්ලංගාවක් යනු කුමක්ද? ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය: ශ්‍රී ලංකාව - ශෙවාන් ඩැනියෙල් විසිනි
358 Views
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
258 Views
කොවිඩ් රෝගීන්ට වැලඳෙන කළුපුස් රෝගය ගැන අනතුරු ඇඟවෙයි.
175 Views
සෑම පවුලකටම ආයුර්වේද මංඡුසාවක්
217 Views
ලැම්ඩා (Lambda) ගැන දැනුවත් ද?
273 Views
කළුදුරු තෙල්වල ප‍්‍රතිශක්තිය වඩන ප‍්‍රබල හැකියාවක් ඇත... ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා
283 Views
අද ලොකු සාදයක් !
162 Views
කිං ඛාන්ගේ පුතා රජගේමකදී පොලීසියට මාට්ටු..
196 Views
තිසර පෙරේරා ඇමරිකාවට යාමට සූදානමක්
199 Views
ඉතිහාසයේ පළමුවරට සිංහල ගීතයක විකාශන අයිතිය ඉන්දියානු සමාගමක් ලබාගනී..
363 Views
මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට..
226 Views
රාගම සුප්‍රසිද්ධ ගුරෙක් ලඟ කාලිපූජා තැබූ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපල කවුද ?
299 Views
කාන්තාවක් දැරණියගල සභාපතිගේ නාසය කපලා
282 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views
නවතම අයිෆෝන් 13 මාදිලිය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ?
422 Views
සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ සරාගී බිරිඳ ජෝජිනා
378 Views
හිට් ගොසිප්
චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට
5,519 Views
හෙට මධ්‍යම රාත්‍රියේ සිට රටටම ඇඳිරිනීතිය ???
4,083 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
3,073 Views
ලබන සතියේ නැවතත් 5000 දීමනාව
1,769 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views