දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ.